
සෙනෙහසින් දෝතින්ම
වැලඳගෙන සිපගන්න
නොපිපුනත් පෙම් කුසුම්
ඔබ නමින් පුද දෙන්න
සමුගන්න එපා ඔබ
විරසකව මා වෙතින් ...
රිදුම් දෙයි හද මඩල
තරු පොකුරු ඉකි බිඳියි
සඳ අහසේ බොඳ වෙලා
මල් කැකුළු මිලින වී
සුලං රැලි වියකිලා
ඇයිද මේ වෙනස්කම්
ඔබ මගෙන් වෙන් වෙලා .....
©2009 ආදරයේ සොඳුරුතම වේදනාව | by TNB