Monday, November 9, 2009
ඇයිද මේ වෙනස්කම්
සෙනෙහසින් දෝතින්ම
වැලඳගෙන සිපගන්න
නොපිපුනත් පෙම් කුසුම්
ඔබ නමින් පුද දෙන්න
සමුගන්න එපා ඔබ
විරසකව මා වෙතින් ...
රිදුම් දෙයි හද මඩල
තරු පොකුරු ඉකි බිඳියි
සඳ අහසේ බොඳ වෙලා
මල් කැකුළු මිලින වී
සුලං රැලි වියකිලා
ඇයිද මේ වෙනස්කම්
ඔබ මගෙන් වෙන් වෙලා .....
Wednesday, September 23, 2009
විරහවේ වේදනා තුරුළු කරගෙන මා මෙදා.....
සුසුමත් කඳුලත් මුවෙහි රුවාගෙන
එදා සිනහ නැගි මුව මඬල
ඝන අඳුරු පටලයෙන් මුවා වූයේ
කිමදැයි අසමින් ලතවන්නේ
තොටුපල හැර නොගිය නෞකාවක් මෙනි
පෙරදා තැබූ පියවර සමගින්
පෘතුවි තලයේ අතරමං වී
සිනහ දෝතක් සොයා යමි මම
වර්තමානය නම් වූ දුර කතරේ
දිනක මතුයම්
ලැබෙයිදෝ පිළිසරණයක්
කඳුළු කැට වැපිරූ දෑසට
සිනහ තෙලිත්තක් මුවෙහි නගන්නට
විරහවේ වේදනා
තුරුළු කරගෙන මෙදා
තැවෙන්නෙමි අරමුණක් රහිතව
ලැබෙන තුරු යළි සුසුමක්
කාලයාගේ ඇවෑමෙන්.....
ලිව්වේ_සංදීප ඩයස්
Tuesday, September 15, 2009
හද තුළ නම් විරහව පිපී පර වෙතේ
ඉඳ ඉඳ එක වෙහෙර වරදක්ම පවසතේ
අද නොව හෙට වුවත් නුඹ එතැයි මට සිතේ
කදමලු එපා ලෙංගතුකමට කිසිත් ලොකු නැතේ
ඉඳ ඉඳ එක වෙහෙර වරදක්ම පවසතේ
අද නොව හෙට වුවත් නුඹ එතැයි මට සිතේ
කදමලු එපා ලෙංගතුකමට කිසිත් ලොකු නැතේ
ලිව්වේ : - Gajaman Nona
ඔයා _ මම
මම ඔයා ගැන පැතූ පැතුම්,
මවපු හීන,
එක පාරටම මැකිල ගියා.
ඇයි දැන්වත් මා දෙස නොබලන්නේ ඔබ?
නිදිමතයි,නමුත් යන්නේ නැහැ නින්ද
මැවෙන්නේ ඔබේ රුව මා හද පත්ලෙන්ම
ඇසෙන්නේ ඔබේ හඬයි අද මා දෙසවනට
නොපවසනු කිම්ද ඒ ආලේ සත්ය?
මවපු හීන,
එක පාරටම මැකිල ගියා.
ඇයි දැන්වත් මා දෙස නොබලන්නේ ඔබ?
නිදිමතයි,නමුත් යන්නේ නැහැ නින්ද
මැවෙන්නේ ඔබේ රුව මා හද පත්ලෙන්ම
ඇසෙන්නේ ඔබේ හඬයි අද මා දෙසවනට
නොපවසනු කිම්ද ඒ ආලේ සත්ය?
ලිව්වේ :- Express
Monday, September 14, 2009
පුංචි හඳුන්වාදීමක්
මූණු පොතේ ආදරයේ සොඳුරුතම වේදනාව Group එකෙහි බ්ලොග් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබටත් ඔබේ කවි සිතුවිලි මෙම බ්ලොග් එක තුලින් සයිබර් අවකාශයට මුදා හැරීමට අවස්ථාවක් ලබා දීමට අප සූදානම්.
ඔබ ඔබේ ආදරය ගැන වූ රචනාමය , කාව්‍යමය , නිසදැස් ආකාර වූ ඔබ කැමති ඕනෑම ශෛලයකින් ඉදිරිපත් කල හැක. ඔබ ඡායාරූප සංස්කරනයේ සමත්කම් ඇත්තෙකුනම් ඔබේ නිර්මාණ එවැනි ඡායාරූප ලෙසද ඉදිරිපත් කල හැක. ඔබේ ලිපි නිර්මාණ fbseparation@gmail යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න. ඔබ ලිපි සපයන විට එම ලිපිය සඳහා සුදුසු මාතෘකාවක් යෙදීමට අමතක නොකරන්න.එහිදී ඔබේ නම සමග ඔබේ Facebook Profile එකට අදාල ලබැඳියද (Link) එවීමට අමතක නොකරන්න. වැඩි විස්තර සඳහා පහත ඡායාරූපය නරඹන්න.
ඔබට පරිගනකය භාවිතාකර සිංහල යතුරු ලියනය කිරීමට යම් යම් අපහසුතා ඇත්නම් කොළඹ විශ්වවිද්‍යාලීය පරිගනක අධ්‍යනාංශය මගින් ඉදිරිපත් කොට ඇති යුනිකෝඩ් එසැනින් පරිවර්තකය භාවිතා කළ හැක. එමෙන්ම ඔබේ අදහස් යෝජනා චෝදනා ආදිය වෙතොත් ඒවාද ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි.
ඔබ විසින් ඔබේම ස්වයං නිර්මාණයක් ඉදිරිපත් නොකර වෙන අයෙකුගෙන් හෝ පොතකින් උපුටා ගන්නා ලද නිර්මාණයක් ඉදිරිපත් කරන්නේනම් මුල් අයිතිකරු පිළිබඳ සඳහන් කිරීමට කාරුණික වන්න. එවැනි නිර්මාණ ගැන වගකීමක් අප විසින් දරණු නොලැබේ.
Subscribe to:
Posts (Atom)