Wednesday, September 23, 2009

විරහවේ වේදනා තුරුළු කරගෙන මා මෙදා.....



සුසුමත් කඳුලත් මුවෙහි රුවාගෙන
එදා සිනහ නැගි මුව මඬල
ඝන අඳුරු පටලයෙන් මුවා වූයේ
කිමදැයි අසමින් ලතවන්නේ
තොටුපල හැර නොගිය නෞකාවක් මෙනි

පෙරදා තැබූ පියවර සමගින්
පෘතුවි තලයේ අතරමං වී
සිනහ දෝතක් සොයා යමි මම
වර්තමානය නම් වූ දුර කතරේ

දිනක මතුයම්
ලැබෙයිදෝ පිළිසරණයක්
කඳුළු කැට වැපිරූ දෑසට
සිනහ තෙලිත්තක් මුවෙහි නගන්නට

විරහවේ වේදනා
තුරුළු කරගෙන මෙදා
තැවෙන්නෙමි අරමුණක් රහිතව
ලැබෙන තුරු යළි සුසුමක්
කාලයාගේ ඇවෑමෙන්.....


ලිව්වේ_සංදීප ඩයස්
 


0 comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් පවසා යන්න