Monday, September 14, 2009

පුංචි හඳුන්වාදීමක්


                                       මූණු පොතේ ආදරයේ සොඳුරුතම වේදනාව Group එකෙහි බ්ලොග් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.  ඔබටත් ඔබේ කවි සිතුවිලි මෙම බ්ලොග් එක තුලින් සයිබර් අවකාශයට මුදා හැරීමට අවස්ථාවක් ලබා දීමට අප සූදානම්.  

                                                ඔබ ඔබේ ආදරය ගැන වූ රචනාමය , කාව්‍යමය , නිසදැස් ආකාර වූ ඔබ කැමති ඕනෑම ශෛලයකින් ඉදිරිපත් කල හැක.  ඔබ ඡායාරූප සංස්කරනයේ සමත්කම් ඇත්තෙකුනම් ඔබේ නිර්මාණ එවැනි ඡායාරූප ලෙසද ඉදිරිපත් කල හැක.  ඔබේ ලිපි නිර්මාණ ‍fbseparation@gmail යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.  ඔබ ලිපි සපයන විට එම ලිපිය සඳහා සුදුසු මාතෘකාවක් යෙදීමට අමතක නොකරන්න.එහිදී ඔබේ නම සමග ඔබේ Facebook Profile එකට අදාල ලබැඳියද  (Link) එවීමට අමතක නොකරන්න.  වැඩි විස්තර සඳහා පහත ඡායාරූපය නරඹන්න.
                                     

                                                   
                                      ඔබට පරිගනකය භාවිතාකර සිංහල යතුරු ලියනය කිරීමට යම් යම් අපහසුතා ඇත්නම් කොළඹ විශ්වවිද්‍යාලීය පරිගනක අධ්‍යනාංශය මගින් ඉදිරිපත් කොට ඇති යුනිකෝඩ් එසැනින් පරිවර්තකය භාවිතා කළ හැක. එමෙන්ම ඔබේ අදහස් යෝජනා චෝදනා ආදිය වෙතොත් ඒවාද ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි. 

                                        ඔබ විසින් ඔබේම ස්වයං නිර්මාණයක් ඉදිරිපත් නොකර වෙන අයෙකුගෙන් හෝ පොතකින් උපුටා ගන්නා ලද නිර්මාණයක් ඉදිරිපත් කරන්නේනම් මුල් අයිතිකරු පිළිබඳ සඳහන් කිරීමට කාරුණික වන්න. එවැනි නිර්මාණ ගැන වගකීමක් අප විසින් දරණු නොලැබේ.

0 comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් පවසා යන්න